Tuesday, February 14, 2012

How to install Windows Xp on Acer Aspire T630 Desktop- Acer Aspire T630 ඩෙස්ක්ටොප් 1ක කට Windows XP Professional ඉන්ස්ටෝල් කරන හැටි.


මම මේ කියන්න යන දේ නම් දන්න අයට බෝරින් වෙයි ඒත් නොදන්න කෙනෙකුටනම් ඉතින් වැදගත් වෙයි.
හැබැයි මේ ප්‍රශ්නය එන්නෙ SATA Hard Disk pc එකේ තියෙන අයට.

මම පහුගිය දවසක Acer Aspire T630 Model එකේ ඩෙස්ක්ටොප් 1කට Windows XP Professional . දාන කොට Windows Installation පටන් අරන් එක තැනක එනවනෙ Hard Disk Partition කරල windows install කරන්න ඕන මොන Partition එකේ ද කියන තැන. ඉතින් දැන් ඔතන පෙන්වනවා හර්ඩ් ඩිස්ක් 1ක් නැහැ කියල. ඒත් BIOS වල Hard Disk 1ක පෙන්වනවා.

පහල තියෙන Screen Shot 1ක බලන්න.




සමාන්‍යයෙන් මේකට හේතුව තමයි SATA Controller හරි RAID Configuration Windows XP වලට Support කරන්නෙ නැති එක. Vista/Win 7 වල නම් මේ ප්‍රශ්නය එන්නෙ නහැ. මේකට විසදුම විදියට නම් කරන්න තියෙන්නෙ එක්කො BIOS settings වල SATA Mode එක Disable කරන්න. එහෙම නැති නම් SATA mode එක මරු කරන්න AHCI to IDE.හබැයි SATA Mode disable කරන්න බැරි නම් කරන්න තියෙන්නෙ Mother Board Vendor ගෙ website 1න් SATA drivers Download කරල Floppy Disk එකකට Extract කරල Floppy එක PC එකට insert කරල Windows installation Start කරන්න. Cd 1boot වෙනකොට එනවනෙ Massage 1ක්" Press Any key to boot from Cd.." කියල.එතකොට කී 1ක් press කරල Windows Setup පටන් ගත්තාම F6 press කරන්න කීප සැරයක්. එතකොට පහල තියෙන Screen එක එනවා. ඊට පස්සෙ S press කරල driver install කරපුවාම partition පෙන්වනවා.



හැබැයි මම කියන්න හදන්නෙ නම් ඕක නෙමෙයි. Floppy Driver 1ක් නැති කෙනෙකුට කොහොමද කියල SATA/RAID Drivers එක්ක  XP bootable CD එකක් හදා ගන්න හැටි.
කරන්න තියෙන්නෙ මෙච්චරයි. මුලින්ම SATA/RIAD drivers download කර ගෙන ඒක extract කර ගන්න. ඊට පස්සෙ nLite Tool එක download කරල install කරගන්න. මෙන්න link ටික.



CD එක හරියට හදා ගත්තොත් XP කරදරයක් නැතිව install කරන්න පුලුවන්.  


No comments:

Post a Comment